Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්දතිය තමා Windows 8!
Windows 8 මෙහෙයුම් පද්දතිය දැනට නිකුත් වී නැතත් ,Windows 8 Consumer Preview නොහොත් Windows 8 පාරිභෝගික පුර්වදර්ශනය මේ වෙනකොටත්
නිකුත් වී හමාරයි .
link එක හරහා නොමිලේම download කර අත්හදා බැලිය
හැකි.
මෙහිදී ඔබේ දැනට පවතින්නේ windows 7/XP නම් කිසිදු
ගැටලුවකින් තොරව දෙවන මෙහෙයුම් පද්දතිය ලෙස windows 8 install කරනග්ත හැකි අතර windows 8 නිකුත් කල පසු එයට update කරගත හැක.
ඉහත link එක හරහා ඔබට
ලැබෙන්නේ ISO image නම් file එකකි . එය Virtual Driver එකක් ලෙස mount කරගත යුතුය. සාමාන්‍ය file එකක් විවෘත කරනවා
මෙන් මෙය විවෘත කල නොහැක. mount කරනවා යනුවෙන්
හදුන්වන්නේ එයයි .
පහසුවෙන්ම ඔබේ පරිගණකයේ Windows 8 install කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න
- පහත link එක මගින් windows 8 download කරගන්න
- Download කරගත් file එක Dvd එකකට Write කරගත යුතුයි .
මේ සදහා download කරගත් file එක write click කර open with යටතේ with windows image burner හෝ ඔබේ පරිගණකයේ Nero වැනි වැඩසටහනක් ඇත්නම් එය ලබා දී write කරගන්න.
- මෙවිට ලැබෙන Bootable DVD එක පරිගණකයට ඇතුළු කර නැවත පනගන්නවන්න.
- එවිට "press any key to boot from CD" ලෙස විදානයක් දිස් වන අතර එසේ කිරීමෙන් windows 8 install process එක නොහොත් ක්‍රියා පටිපාටිය ආරම්භ වේ.
එහි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමෙන් windows 8 install කරගත හැක .
Install කිරීමේදී ඔබේ පරිගණකයේ දැනටමත් යම් මෙහෙයුම් පද්දතියක් තිබේනම් එය install කර ඇති driver එකටම windows 8 install කිරීමෙන් වලකින්න. වෙනත් driver එකකට install කරන්න.

Comments
Post a Comment